ජගත් පරිසර දිනය අදයි ..

ලෝක පරිසරයට බලපාන විවිධ වූ කරුණු කාරණා කෙරෙහි ලෝකයේ අවධානය යොමුකරලීමේ එක් පියවරක් වශයෙන් 1972 වර්ෂයේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී පැවති පරිසර සමුළුවේ දී ගනු ලැබූ තීරණයකට අනුව බිහි වූ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) සමාරම්භක දිනය සැමරීම සඳහා සෑම වසරකම ජුනි මස 05 වන දින ජගත් පරිසර දිනය වශයෙන් නම් කරන ලදී.

මෙවර ලෝක පරිසර දින තේමාව “Ending Plastic Pollution” වේ.”ප්ලාස්ටික් නිසා පරිසරයට වන හානිය අවම කිරීම” මෙහි අරමුණ යි.

හරිත ලොව යනු හදගැස්මේ ජීවයයි.හරිත වර්ණ ලෝකයක් මතු පරපුර උදෙසා උරුම කර දීම අප සැමගේ යුතුකමක්, වගකීමක් ලෙස සලකා කටයුතු කිරීමට අප සැම අත්වැල් බැඳ ගනිමු.

සිටවමු පැළයක්

අවම කරමු නොදිරන දේ

තබාගනිමු පිරිසිදුව පරිසරය

පොලිතීන්, ප්ලාස්ටික්වලින් තොර හරිත පැහැවන් ලොවක් එක්ව ගොඩනගමු  අප සැවොම..