ශ්‍රවනාගාරය වෙන් කරවා ගැනීම
රොබට් ගුණවර්ධන අනුස්මරන සම්මන්ත්‍රණ ශාලාව වෙන් කිරිම
- ශ්‍රවණාගාරය ගාස්තු අය කිරිමේ පදනම මත ලබා දෙනු ලබන්නේ, පෙ.ව. 08.00 සිට ප.ව. 05.00 දක්වා කාලය සඳහා පමණි.
- වායු සමීකරණ පහසුකම් සහිතව රු. 25,000.00
- වායු සමීකරණ පහසුකම් රහිතව රු. 10,000.00
- ශබ්ද විකාශන යන්ත්‍ර පහසුකම් සඳහා රු. 3,000.00
- පෙර පුහුනුවීම් පැයකට
- වායු සමීකරණ පහසුකම් සහිතව රු. 2,500.00
- වායු සමීකරණ රහිතව රු. 1,000.00 (ඉහත සඳහන් ගාස්තු වලට අමතරව රජයේ බඳු මුදල් ද අය කරනු ලැබේ.)
- වෙන්කළ වේලාවන් පසුව සම්මන්ත්‍රණ ශාලාව භාවිත කරන සෑම පැයකට හෝ ඉන් කොටසක් සඳහා රු 2500.00ක ගාස්තුවක් අය කරනු ලැබේ.
- මෙම ශාලාව කලින් වෙන් කරවා ගනු ලැබුවේ වුවද, කඩුවෙල මහා නගර සභාවේ අතවශ්‍ය අවස්ථාවන් සඳහා හෝ රාජ්‍ය උත්සවයක් සඳහා ශාලාව අවශ්‍ය වුවහොත් වෙන් කිරීම අවලංගු කිරිමට සිදුවිය හැක.
ආපසු ගෙවිය හැකි තැන්පත්
- භාණ්ඩ අලාභ හානි වෙනුවෙන් රු. 10,000.00ක තැන්පතුවක් අය කරනු ලැබේ. (අලාභ හානි කිසිවක් නොමැති බවට භාරකරු විසින් තහවුරු කිරිමෙන් අනතුරුව මෙම මුදල් ආපසු ගෙවනු ලැබේ.)
- අතිරේක කාලය සඳහා තැන්පතුව රු. 5,000.00කි. (අතිරේක කාලයක් ලබාගෙන නොමැති නම් මෙම මුදල ආපසු ගෙවනු ලැබේ.)
- මෙම මුදල් ලබා ගැනීමට මුදල් තැන්පත් කළ කුවිතාන්සියේ මුල් පිටපත ඉදිරිපත් කළ යුතුයි.
- මෙම ශාලාව ආසන 250කින් සමන්විත වේ.
- බිත්තියවල මැලියම් ඇලවීම නොකල යුතුය. (බිත්තිවලට යම් හානියක් සිදු වුවහොත් තැන්පත් මුදල එ වෙනුවෙන් පියවා ගනු ලබයි.)
- සතියේ වැඩ කරන දිනයන්හි ප්‍රසංග පැවැත්වීම සඳහා ඉඩ ලබා නොදේ.
- පවත්වනු ලබන උත්සව අවස්ථාවෙන් පසු ශාලාව තුළ නොදිරන ද්‍රව්‍ය බැහැර කිරිමෙන් වැලකිය යුතුය.