ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

ගොඩනැගිලි සැලසුම් අයදුම්පතක් භාරදීමේදී :-

  • මෙම අයදුම්පතෙහි උපදෙස් අනුව ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කිරීම.
  • වරිපනම් අංශයෙන් දේපළ අයිතිය තහවුරු කර ඒ බව අයදුම්පතෙහි සටහන් කර ගැනීම.
  • අනුමැතියට ඉදිරිපත් කරන ගොඩනැගිලි සැලැස්මෙහි පිටපත් 03 ක් ඉදිරිපත් කිරීම. (පරිමාණය නිවැරදිව සැකසූ)
  • පර්චස් 10 හෝ ඊට වැඩි ඉඩම් සඳහා ගොඩනැගිලි සැලසුම් ඉදිරිපත් කිරීමේදී කොම්පෝස්ට් බඳුනක් ස්ථානගත කිරිමට ස්ථානීය සැලැස්මෙහි ඉඩ වෙන්කර දැක්විය යුතුය.
  • ස්ථානීය සැලැස්මට අදාළ කරගත් අනුමත බිම්කට්ටි සැලැස්මෙහි පැහැදිලි ඡායා පිටපතක්
  • ගොඩනැගිලි සැලැස්මට අදාළ ඉඩමෙහි හිමිකම් ඔප්පුවෙහි ඡායා පිටපතක්
  • දේපළ හිමිකරුගේ ජාතික හැඳුන්ම්පතෙහි ඡායා පිටපතක් භාරදිය යුතුය.

ඉල්ලුම්පත්‍රය භාගත කරන්න

ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කර ඹබට අදාල දිස්ත්‍රික් කාර්යාලයට භාරදීමේ දි අයදුම්පත් ගාස්තු අයකර ගැනිම සිදුවේ.