වීථි රේඛා, නොපවරා ගැනීමේ සහතික ලබාගැනීම

  1. වීථි රේඛා සහතිකය හා නොපවරා ගැනීමේ සහතිකය සඳහා අයදුම්පත්‍රයක් ලබාගැනීම.
  2. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය නියමිත පරිදි පුරවා ඇත්දැයි පරික්ෂා කර බලා ගාස්තු අයකිරීම.
  3. වරිපනම් වාර්තාව වරිපනම් කවුළුව වෙතින් ලබාගැනීම.
  4. වීථි රේඛා සහතික සඳහා තාක්ෂණ නිලධාරී වාර්තාව ලබාගැනීම සහ නොපවරා ගැනීමේ සහතික ලබාගැනීම සඳහා ආදායම් පරීක්ෂකගේ වාර්තා ලබාගැනීම.
  5. නැවත විෂය ලිපිකරුට ලබාදීම.
  6. වීථි රේඛා සහතික හා නොපවරා ගැනීමේ සහතිකපත් ලියා පරික්ෂා කිරිම සඳහා ප්‍රධාන කළමනාකරණ සහකාර වෙත යොමුකිරීම.
  7. වීථි රේඛා, නොපවරා ගැනීමේ සහතික දිස්ත්‍රික් නිලධාරී අත්සනින් නිකුත් කිරීම

වීථි රේඛා සහතිකය ලබා ගැනීම සදහා අයදුම්පත්‍රය භාගත කරන්න

පවරා නොගැනීමේ සහතික ලබා ගැනීම සදහා අයදුම්පත්‍රය භාගත කරන්න

ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කර ඹබට අදාල දිස්ත්‍රික් කාර්යාලයට භාරදීමේ දි අයදුම්පත් ගාස්තු අයකර ගැනිම සිදුවේ.