ඉඩම් අනුබෙදුමක් අනුමත කිරීම

ඉඩම් අනුබෙදුම් අයදුම්පතක් භාරදීමේදී….

  • ඉඩම් අනුබෙදුම් අයදුම්පතෙහි සඳහන් උපදෙස් අනුව ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කිරීම.
  • වරිපනම් අංශයෙන් දේපළ අයිතිය තහවුරු කර ඒ බව අයදුම්පතෙහි සටහන් කර ගැනීම.
  • සුදුසුකම්ලත් තැනැත්තෙකු අයදුම්පත සහතික කිරීම. (බලයලත් මිනින්දෝරු/ නගර නිර්මාණ ශිල්පී)

අයදුම්පත සමඟ :-

  • අනුමැතියට ඉදිරිපත් කරන අනුබෙදුම් සැලැස්ම සහ එම පරිමාණයට ගන්නා ලද ඡායා පිටපත් 03ක්
  • අනුබෙදුමට පාදක කරගත් මුල් සැලැස්මෙහි අනුමත ඡායා පිටපතක්
  • අනුබෙදුමට අදාළ ඉඩමෙහි හිමිකම් ඔප්පුවෙහි ඡායා පිටපතක්
  • දේපළ හිමිකරුගේ ජාතික හැඳුනුම්පතෙහි ඡායා පිටපතක් භාරදිය යුතුය.

ඉල්ලුම්පත්‍රය භාගත කරන්න

ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කර ඹබට අදාල දිස්ත්‍රික් කාර්යාලයට භාරදීමේ දි අයදුම්පත් ගාස්තු අයකර ගැනිම සිදුවේ.