ඊ-ස්වාභිමානි – 2019.10.18

ශ්‍රි ලංකා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ආයතනය මගින් සංවිධානය කරන ලද ” ඊ-ස්වාභිමානි 2019 ” සම්මාන උළෙල ෂැන්ග්‍රිලා හෝටල් පරිශයේදී ඉකුත් 2019.10.18 දින පැවැත් විය. මෙහිදී කඩුවෙල මහ නගර සභාව මගින් කසළ කළමනාකරණය කිරීම වෙනුවෙන් හදුන්වා දෙන ලද ” ක්ලීන් අප් ” Clean Up App මෘදුකාංග වැඩසටහන සදහා ඇගයීම් සහතිකයක් හිමිවිය.