කඩුවෙල මහා නගර සභා දිනය 2023

 

කඩුවෙල මහා නගර සභාවේ සේවක සේවිකාවන්ගේ සුහදතාවය සහ හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින්, කඩුවෙල නගර සභා දිනය වෙනුවෙන් පවත්වනු ලබන කඩුවෙල මහා නගර සභා ක්‍රීඩා උළෙල අගෝස්තු 08 වන දින පැලවත්ත ජී.එච්.බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්විය.

ක්‍රිකට් තරගාවලිය, කාන්තා දැල්පන්දු තරගාවලිය, වොලිබෝල් තරගාවලිය, කඔ ඇදීම, මලල ක්‍රීඩා තරග ආදී විවිධ අංග රැසක් මගින් මෙම අවස්ථාව වර්ණවත් විය.