දැන්වීමයි!

මහා නගර සභාව – කඩුවෙල

2024 අයවැය ලේඛනයට ඇතුළත් කිරීම සඳහා යෝජනා කැඳවීම

2024 වසර වෙනුවෙන් කඩුවෙල මහා නගර සභාව විසින් පිළියෙල කරනු ලබන අයවැය ලේඛනයට ඇතුළත් කිරීම සඳහා කඩුවෙල මහා නගර සභා බල ප්‍රදේශයේ සිවිල් සංවිධාන හා පුරවැසියන්ගෙන් ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තු හා සංවර්ධන සැලැස්මට ඇතුළත් කිරීම සඳහා අදහස් හා යෝජනා කැඳවනු ලැබේ.

එම යෝජනා 2023 අගෝස්තු මස 10 වන දිනට පෙර නාගරික කොමසාරිස්, මහා නගර සභාව, කඩුවෙල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනැවිත් භාර දීමට  හෝ පහත සඳහන් විද්‍යුත් ලිපිනයන්ට යොමු කිරීමට කටයුතු සිදුකරන ලෙසත්, තැපැල් මඟින් එවනු ලබන යෝජනා බහා එවනු ලබන ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ  “ 2024 අයවැය සඳහා යෝජනා ”  යනුවෙන් සඳහන් කර එවන ලෙසත් කාරුණිකව ඉල්ලමි.

Website : www.kaduwela.mc.gov.lk

Email   : mckaduwela@gmail.com

              : mfdkmc@gmail.com

දිල්රුක්ෂි ගමගේ,

නාගරික කොමසාරිස් හා බලතල කාර්යය

කර්තව්‍ය ක්‍රියාත්මක කරන නිලධාරී.

කඩුවෙල මහා නගර සභා කාර්යාලයේදීය.

2023.07.21