“කඩුවෙල නැවුම් විදුලිය” ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීම. 21.02.2023
දිරන කසල භාවිතයෙන් විදුලිය නිපදවා එම විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීම 21.02.2023 වන දින සිදුකරන ලදි.
මුලු රටම විදුලි අර්බුදය හමුවේ අපහසුතාවයට පත්වී ඇති මොහොතක, කඩුවෙල පුරපති බුද්ධික ජයවිලාල් මහතා මුලු රටටම මනා පූර්වාදර්ශයක් සපයමින් දිරන කසල භාවිතයෙන් විදුලිය නිපදවා එම විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට කටයුතු කලේය.
කඩුවෙල ආසනය තුල දිනකට කසල ටොන් 80-100 අතර ප්‍රමාණයක් එකතුවේ.එයින් දිරන කසල ටොන් 60-70 අතර ප්‍රමාණයක් එකතුවේ. එම කසල නිවැරැදිව කලමණාකරනය කර,කොටසක් කොම්පෝස්ට් පොහොර නිපදවීමටත්, තවත් කොටසක් විදුලිය නිපදවීමටත් (ටොන් 10) යොදාගන්නා ලදි.
කඩුවෙල කසල වලින් තොර පුරවරයක් බවට පත්කල ගරු නගරාධිපතිතුමා එතැනින් නොනැවතී සාම්ප්‍රදායික දේශපාලඥයකුගේ චින්තනයෙන් ඔබ්බට ගොස්, මෙම කසල සම්පතක් බවට පත්කරගනිමින් මෙම විදුලිය නිපදවීමේ කාර්යට මුල පිරුවේය.
මෙම කාර්ය සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනින් අවශ්‍ය කරන තාක්ශණික සහය සහ දැනුම කඩුවෙල මහා නගරසභාවට ලැබුනි.
මෙම ආදර්ශමත් අවස්ථාවට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මැතිතුමා හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මේජර් ප්‍රදීප් උදුගොඩ,ප්‍රේමනාත් සී දොලවත්ත,ජයන්ත කැටගොඩ,ජගත් කුමාර,මධුර විතානගේ සහ නගරාධිපතිවරුන්ද ඇතුලුව විශේෂ ආරාධිතයින් රැසක් සහභාගී විය.