තාර්කික පරපුරක අඩහැරය “රිට්ස්බරි වාදීභ”

ගරු නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතාගේ සංකල්පයක් අනුව කඩුවෙල මහා නගර සභාව හා ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්‍යාලය එකමුතුව සංවිධානය කළ අන්තර් පාසල් විවාද තරගාවලියේ අවසන් මහා තරග ත්‍රිත්වය ජනවාරි 28 සිකුරාදා සවස 1.00 සිට බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවැත්විය.

“රිට්ස්බරි වාදීභ” විවාද තරගාවලියේ ජේෂ්ඨ අංශයේ ශූරතාවය කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලීය කණ්ඩායමට විසින් දිනාගත් අතර අනුශූරතාවය රාජගිරිය ජනාධිපති  විද්‍යාලීය කණ්ඩායම දිනාගන්නා ලදි.

ද්වීතියික අංශයේ ශූරතාවය බෝමිරිය මුනිදාස කුමාරතුංග විද්‍යාලීය කණ්ඩායම විසින් දිනාගත් අතර අනුශූරතාවය බත්තරමුල්ල සුදර්ශණ විද්‍යාලීය කණ්ඩායම දිනාගන්නා ලදි.

කණිෂ්ඨ  අංශයේ ශූරතාවය දිනාගත් බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලීය කණ්ඩායම විසින් දිනාගත් අතර අනුශූරතාවය මාලඹේ රාහුල බාලිකා විද්‍යාලීය කණ්ඩායම දිනාගන්නා ලදි.