කසල අංගනය (රන්පැලැස්ස) – 2022.02.11

“කසල සම්පතක් කරගමු”

කඩුවෙල මහා නගරසභාවේ කසල අංගනයේ(රන්පැලැස්ස) නිරීක්ෂණ චාරිකාවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ්ද එයාර්ෆෝස් ගරු රොෂාන් ගුණතිලක මහතා හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලේකම් පී.සෝමසිරි මහතා එක්විය.

කසල කළමනාකරණය තුලින් විදුලිය නිපදවන එකම පළාත් පාලන ආයතනය කඩුවෙල මහා නගරසභාව බව ඉතා සතුටින් මතක් කර සිටිමු. තවද කාබනික පොහොර කොම්පෝස්ට් නිෂ්පාදනය, දියර පොහොර නිෂ්පාදන, පැල තවාන හා ජීව වායු නිෂ්පාදනය මෙහිදී සිදුවේ.