වෙළඳ බලපත්‍රයක් ලබා ගැනීම

  1. වෙළඳ බලපත්‍ර ලබා දිය යුතු ආයතන වලින් අදාල අයදුම්පත සම්පූර්ණ කර භාර ගැනීම.
  2. අයදුම්පත භාර ගැනීමේදී වෙළඳ බලපත්‍ර ගාස්තුව හා ඊට අදාල බදු මුදල් අයකර ගැනීම.
  3. වෙළඳ බලපත්‍ර මුල් අයදුම්පත දිස්ත්‍රික් නිලධාරියාගේ ආවරණ ලිපිය සමග මහජන සෞඛ්‍ය පරීක්ෂක වෙත අදාල ආයතනයට වෙළඳ බලපත්‍ර ලබා දීම සුදුසුදැයි නිර්දේශ කිරීම සඳහා ලබා දීම (වෙළඳ බලපත්‍ර මුල් අයදුම්පත පිටපත හා ආවරණ ලිපියේ පිටපත ව්‍යාපාරික ස්ථානයට අදාල ගොනුවට ඇමිණීය යුතුය)
  4. මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ වාර්තාව ලද පසු අදාල ආයතනයට වෙළඳ බලපත්‍ර ලබා දීම නුසුදුසුයැයි වාර්තාව දී ඇත්නම් අදාල ව්‍යාපාරික ස්ථානයට ඒ බව දන්වමින් ලිපියක් යැවීම.
  5. සුදුසු යැයි නිර්දේශ කරන්නේ නම් වෙළඳ බලපත්‍රය ලබා දීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කර ගැනීම සඳහා අඩුපාඩු දන්වමින් අදාල ව්‍යාපාරික ස්ථානයට ලිපියක් යැවීම.

ඒ අනුව,

  1. ව්‍යාපාර ලියාපදිංචි සහතිකය
  2. ව්‍යාපාර ස්ථානය පිහිටි ඉඩමේ ඔප්පුව හෝ බදු ඔප්පුව
  3. ඉඩමේ අනුමත පිඹුර සැලැස්ම
  4. අනුමත ගොඩනැගිලි සැලැස්ම
  5. පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා ගත යුතු ආයතනයක් නම් එම බලපත්‍රය
  6. ඉන්ධන පිරවුම්හලක් නම් එහි ගිනි ආරක්ෂණ සහතිකය
  7. රූපලාවන්‍යාගාරයක් නම් අදාල රූපලාවන්‍ය පාඨමාලා සහතිකය
  8. ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් නම් ආයුර්වේද වෛද්‍ය සභාවේ සහතිකය
  9. ලැගුම්හලක් නම් කසල අපහරණ ක්‍රමවේදය යන තොරතුරු ලබා ගත යුතුය.
  • අදාල අඩුපාඩු සම්පූර්ණ කර ගොනුව වෙළඳ බලපත්‍ර ලිවීම සඳහා නිර්දේශ අනුමැතියට ඉදිරිපත් කිරීම. (එහිදී අදාල ව්‍යාපාරික ස්ථානයට බලපාන අතුරු ව්‍යවස්ථාවේ ඡේදය සඳහන් කිරීම.)
  • වෙළඳ බලපත්‍ර ලිවීම සඳහා අනුමැතිය ලද පසු වෙළඳ බලපත්‍රය සකස් කර අත්සනට ඉදිරිපත් කිරීම.