පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීම

  • පාරිසරික ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රියා පටිපාටිය විධිමත් ලෙස ඉටු කිරීම සඳහා අංක 1534/18 දරණ 2018.02.01 දිනැති ගැසට් පත්‍රය, අංක 1533/16 සහ 2008.01.25 දිනැති ගැසට් පත්‍රය සහ අංක 924/12 හා 1996.05.23 දිනැති ගැසට් පත්‍රය  අඩංගු රෙගුලාසි සහ 2000 අංක 53 හා 1988 අංක 56 දරණ පනත් වලින් සංශෝධිත වර්ෂ 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ විධිවිධාන වලට අනුකූලව සිදුකළ යුතු වේ.
  • බලපත්‍ර ලබා ගැනීම.
    1. නව අයදුම්පත්‍රයක් මඟින් අයදුම් කිරීම.
    2. මේ වන විටත් ලබා ගෙන ඇති බලපත්‍රය අළුත් කිරීම. (ලබා ගත් බලපත්‍රය අවලංගු වීමට මාස 03කට ප්‍රථම අළුත් කිරීම සිදු කළ යුතුය. එසේ බලපත්‍රය අවලංගු වීමට ප්‍රථම අළුත් කර නොගත් බලපත්‍ර සදහා නැවත නව අයදුම්පත්‍රයක් මඟින් ක්ෂේත්‍ර පරීක්ෂණයකට (පරීක්ෂණ ගාස්තු සහිතව) යටත්ව අයදුම් කිරීමට සිදු වනු ඇත.

ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු

  • කර්මාන්ත ක්‍රියාවලියක්/ නියමිත කටයුත්තක් සදහා වන ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තුව එහි මූලික ප්‍රාග්ධන ආයෝජනය පදනම් කර නිශ්චය කරනු ලබයි.

නව අයදුම්පත්‍රයක් මඟින් අයදුම් කිරීමේ පිලිවෙළ

  • 02.01 දිනැති සහ 153/18 අංක දරණ ගැසට් පත්‍රය අනුව, ‘’ඇ‘’ කාණ්ඩයට අයත් නියමිත කර්මාන්ත 25 සදහා පාරිසරික ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීමට අදාල පළාත් පාලන ආයතනය වෙත අයදුම් කළ යුතු වේ.
  1. ඒ අනුව, නව අදුම්පත්‍රයක් මිළ දී ගැනීම සිදු කිරීම.
  2. නව අයදුම්පත්‍රයක් ලබා ගැනීමේ දී අයදුම්පත්‍රය සම්පූර්ණ කර පහත සදහන් ලියකියවිලි සමඟ භාර දිය යුතුය.
  • කර්මාන්තය පිහිටි ස්ථානය දැක්වෙන මාර්ග සටහන.
  • ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය.
  • අදාල ප්‍රාදේශීය සභාවෙන්/ නගර සභාවෙන් වෙළද බලපත්‍රය සඳහා මුදල් ගෙවන ලද කුවිතාන්සිය, අනුමත කළ ගොඩනැගිලි සැලැස්මේ පිටපතක් හෝ අනුකූලතා සහතිකය හෝ ව්‍යාපාරය සම්බන්ධව ප්‍රාදේශීය සභාවෙන්/ නගර සභාවෙන් විරෝධතාවයන් නොමැති බව දැක්වෙන ලිපියක්.
  • අනුමත කරන ලද ඉඩමේ මිනින්දෝරු සැලැස්ම (පිඹුර)
  • ද්‍රව්‍ය පිරිපහදු පද්ධතිය/ වායු දූෂණය/ ශබ්දය ඇතිව පරිසර දූෂණය වැලැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සැලැස්ම.
  • ගිනි නිවීමේ උපකරණ සවි කර ඇති බවට වාර්තාව
  1. අයදුම්පත්‍රය භාරදීමෙන් අනතුරුව අයදුම්පත්‍රයේ සම්පූර්ණ කර ඇති පරිදි ආයෝජනය කරන ලද මුදල අනුව ක්ෂේත්‍ර පරීක්ෂණ ගාස්තු ගෙවීම.
  2. ඒ අනුව අදාල නිලධාරීන් විසින් ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කිරීම.
  3. ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කළ ලිපි ගොනු පාරිසරික තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම.
  4. (i) පාරිසරික තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් නිර්දේශ කරන හෝ නිර්දේශ නොකරන ලද අයදුම්පත්‍ර නාගරික කොමසාරිස්ගේ, ගරු නගරාධිපතිතුමාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.

(ii) තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍ර සදහා බලපත්‍ර ගාස්තු ගාස්තු ගෙවීම් සිදු කරන ලෙස දැනුම් දීම.

(iii) තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් නිර්දේශ නොකරන ලද අයදුම්පත්‍ර සදහා අඩුපාඩු දන්වා ඒ අඩුපාඩු සකස් කරන ලෙස අදාල ආයතනය/ පුද්ගලයා වෙත දන්වා යැවීම. එම අඩුපාඩු සකස් කිරීමෙන් අනතුරුව නැවත ක්ෂේත්‍ර පරීක්ෂණයන් සිදු කර හෝ සුළු අඩුපාඩු වේ නම් පාරිසරික තාක්ෂණික ඇගයීම් කමිටු  උපදෙස් මත ලිපියක් ඉදිරිපත් කිරීමෙන් ක්ෂේත්‍ර පරීක්ෂණයන් සිදු නොකර පාරිසරික තාක්ෂණික කමිටුව වෙත යොමු කිරීම. එහි නිර්දේශය මත 06. (ii) අනුව ක්‍රියාත්මක කිරීම.

  1. පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ගාස්තු ගෙවීම් සිදු කරන ලද ආයතන සඳහා බලපත්‍රය මුදුණය කර, ගරු නගරාධිපතිතුමාගේ අනුමැතියට සහ අත්සනට ඉදිරිපත් කිරීම.
  2. පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා දීම.

බලපත්‍රය අළුත් කිරීමක් මඟින් අයදුම් කිරීමේ පිලිවෙළ

  1. ඒ අනුව, අළුත් කිරීමේ අදුම්පත්‍රයක් මිළ දී ගැනීම සිදු කිරීම.
  2. අළුත් කිරීමේ අයදුම්පත්‍රය සම්පූර්ණ කර පහත සදහන් ලියකියවිලි භාර දී නොමැති නම් එම ලියකියවිලි සමඟ භාර දිය යුතුය.
  • කර්මාන්තය පිහිටි ස්ථානය දැක්වෙන මාර්ග සටහන.
  • ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ සහතිකය.
  • අදාල ප්‍රාදේශීය සභාවෙන්/ නගර සභාවෙන් වෙළද බලපත්‍රය සඳහා මුදල් ගෙවන ලද කුවිතාන්සිය, අනුමත කළ ගොඩනැගිලි සැලැස්සේ පිටපතක් හෝ අනුකූලතා සහතිකය හෝ ව්‍යාපාරය සම්බන්ධව ප්‍රාදේශීය සභාවෙන්/ නගර සභාවෙන් විරෝධතාවයන් නොමැති බව දැක්වෙන ලිපියක්.
  • අනුමත කරන ලද ඉඩමේ මිනින්දෝරු සැලැස්ම (පිඹුර)
  • ද්‍රව්‍ය පිරිපහදු පද්ධතිය/ වායු දූෂණය/ ශබ්දය ඇතිව පරිසර දූෂණය වැලැක්වීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සැලැස්ම.
  • ගිනි නිවීමේ උපකරණ සවි කර ඇති බවට වාර්තාව
  1. අදාල නිලධාරීන් විසින් ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කිරීම.
  2. ක්ෂේත්‍ර පරීක්ෂණය සිදු කළ ලිපි ගොනු පාරිසරික තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත ඉදිරිපත් කිරීම.
  3. (i) පාරිසරික තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් නිර්දේශ කරන හෝ නිර්දේශ නොකරන ලද අයදුම්පත්‍ර ගරු නගරාධිපතිතුමාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම.

(ii) පාරිසරික තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍ර සදහා බලපත්‍ර ගාස්තු ගාස්තු ගෙවීම් සිදු කරන ලෙස දැනුම් දීම.

(iii) පාරිසරික තාක්ෂණික ඇගයීම් කමිටුව මගින් නිර්දේශ නොකරන ලද අයදුම්පත්‍ර සදහා අඩුපාඩු දන්වා ඒ අඩුපාඩු සකස් කරන ලෙස අදාල ආයතනය/ පුද්ගලයා වෙත දන්වා යැවීම. එම අඩුපාඩු සකස් කිරීමෙන් අනතුරුව නැවත ක්ෂේත්‍ර පරීක්ෂණයන් සිදු කර හෝ සුළු අඩුපාඩු වේ නම් පාරිසරික තාක්ෂණික ඇගයීම් කමිටු  උපදෙස් මත ලිපියක් ඉදිරිපත් කිරීමෙන් ක්ෂේත්‍ර පරීක්ෂණයන් සිදු නොකර පාරිසරික තාක්ෂණික කමිටුව වෙත යොමු කිරීම. එහි නිර්දේශය මත 06. (ii) අනුව ක්‍රියාත්මක කිරීම.

  1. පාරිසරික ආරක්ෂණ බලපත්‍ර ගාස්තු ගෙවීම් සිදු කරන ලද ආයතන සඳහා බලපත්‍රය මුදුණය කර, ගරු නගරාධිපතිතුමාගේ අනුමැතියට සහ අත්සනට ඉදිරිපත් කිරීම.
  2. පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා දීම.