අප ගැන

හැඳින්වීම

උදාන වාක්‍යය

“දේශයේ ප්‍රතාපවත් පුරවරය”

දැක්ම

ජනතා සිතුම් පැතුම් ඉටුවූ තෘප්තිමත් මහා නගරය

මෙහෙවර

“පරිණත දේශපාලන මඟ පෙන්වීම මත කාර්යශූර කාර්ය මණ්ඩලය මෙහෙයවා පුරවැසි අභිමානය සඵල වන පරිදි ප්‍රදේශයේ මානව හා භෞතික සම්පත් ප්‍රශස්ත මට්ටමින් උපයෝගී කරගනිමින් ජනතාව සුඛිත මුදිත කිරීම”

අභිමතාර්ථ

  • මහා නගර සභා කාර්ය මණ්ඩලය විනය ගරුක, කැපවීමෙන් හා ප්‍රබෝධයෙන් යුතුව ක්‍රියා කිරීමට අභිප්‍රේරණය කිරීම.
  • ස්ථාවර කමිටු රැස්වීම් හා මහා සභා රැස්වීම් පවත්නා නීතිවලට අනුකූලව මහජන නියෝජිතයන්ගේ පූර්ණ සහභාගිත්වයක් සහිතව පවත්වා ගෙන යාම.
  • සභාවේ මූල්‍ය විනය මනා පාලනයකින් යුතුව ස්ථාවරව පවත්වාගෙන යාම.
  • ජනතාවට සපයන සේවා සම්පාදනය ප්‍රමාණවත්ව පවත්වාගෙන යාමට හැකිවන පරිදි ඔවුනට බරක් නොවන ආකාරයේ බදු පැනවීම.
  • ආදායම් රැස්කිරීම ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම.
  • නාගරික සේවා සම්පාදනය ඉලක්ක කර ගත් මූල්‍ය ප්‍රතිපාදනය කිරීම.
  • නාගරික ජනතාවගේ නීරෝගීමත්කම හා සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කිරීම.
  • නාගරික බල ප්‍රදේශය ඩෙංගු වැනි බෝවෙන රෝගවලින් තොර කලාපයක් කිරීම.
  • නාගරික බල ප්‍රදේශයේ පරිසරය සමතුලිත මට්ටමකට ගෙන ඒම.
  • පොදු මංමාවත් සහ පොදු ස්ථාන කසළවලින් තොරව පවත්වාගෙන යාම.
  • නාගරික සුසාන භූමි අලංකාර සුසාන උද්‍යාන බවට පත්කිරීම.
  • නාගරික ළමා පරපුර නීරෝගී හා සෞඛ්‍ය සම්පන්න කිරීම.
  • මහා නගර සභාව සතු මංමාවත්වලින් සියයට හැත්තෑපහකට වැඩියෙන් බාධාවලින් තොරව ගමනා ගමනයට සැකසීම.
  • රාත්‍රී කාලයේ ගමන් ගන්නා නාගරික ජනතාවට අඩු වියදමින් සපයනු ලබන වීථී ආලෝකකරණ පද්ධතියක් ඇති කිරීම.
  • බල ප්‍රදේශයේ ඇතිවන ස්වාභාවික ආපදා අවස්ථා අවම කිරීම.
  • රැකියා වියුක්තිකයන් සඳහා ස්වයං රැකියා අවස්ථා ඇති කිරීම.
  • නාගරික බල ප්‍රදේශයේ ඇති විය හැකි ගිනි අනතුරු අවම කිරීම.
  • නාගරික බල ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ප්‍රමාණය අවම කිරීම.
  • මහා නගර සභාවේ සංවර්ධන කාර්යයන් සඳහා ප්‍රජාවගේ සක්‍රිය දායකත්වය ලබා ගැනීම.
  • නාගරික ජනතාවගේ ශරීර සුවතාව සහ ක්‍රීඩා කුසලතාව වර්ධනය කිරීම ඉලක්ක කර ගත් ක්‍රීඩාගාර සහ ක්‍රීඩා භූමි ඇති කිරීම.
  • නාගරික මහජන පුස්තකාල, ජනතාවගේ අධ්‍යාපනික දැනුම, බුද්ධිය හා කුසලතා වර්ධනය කරන දැනුම් මධ්‍යස්ථාන (knowledge centers) බවට පත් කිරීම.
  • කඩුවෙල නාගරික ජනතාවට පහසුවෙන් නවීන ලෝකය හා සම්බන්ධවීමට ප්‍රමාණවත් තොරතුරු මධ්‍යස්ථාන ඇති කිරීම.
  • නාගරික ජනතාවගේ සමගිය හා සහජීවනය වර්ධනය කිරීම සඳහා ප්‍රජා මණ්ඩල ඇති කිරීම.
  • ව්‍යපාරික ප්‍රජාවගේ අභිවෘද්ධිය උදෙසා මහා නගර සභාවේ මෙහෙයවීමෙන් ව්‍යාපාරික සම්මේලන ඇති කිරීම.
  • නාගරික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගෞරවාන්විත සැලකීමට ලක් කෙරෙන ව්‍යාපෘති ඇති කිරීම.
  • නාගරික තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය ඉහළ නැංවීම අරමුණු කරගත් ක්‍රීඩා සංගම් ඇති කිරීම.

ස්ථාවර කමිටු

  1. ආයතන කටයුතු නීතිය, පරිපාලනය හා සභා කටයුතු පිළිබඳ ස්ථාවර කමිටුව
  2. මහජන උපයෝගීතා, සමාජ සවිබල ගැන්වීම් සහ ප්‍රජා සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටුව
  3. සමාජ සුබ සාධනය සහ දිළිඳු බව තුරන් කිරීම පිළිබඳ ස්ථාවර කමිටුව
  4. නාගරික අපදුව්‍ය කළමනාකරණය, කෘෂි කර්මාන්ත හා පශු සම්පත් පිළිබඳ ස්ථාවර කමිටුව
  5. පරිසර සංරක්ෂණය හා සෞඛ්‍ය පිළිබඳ ස්ථාවර කමිටුව
  6. තිරසාර නගර සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටුව
  7. ඵලදායිතාවය ඇතිකිරීම හා භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳ ස්ථාවර කමිටුව
  8. උපාය මාර්ගික සැලසුම් හා ක්‍රම සම්පාදනය පිළිබඳ ස්ථාවර කමිටුව
  9. ඉදිකිරීම් හා කර්මාන්ත කටයුතු පිළිබඳ ස්ථාවර කමිටුව
  10. ආදායම් උත්පාදන පිළිබඳ පිළිබඳ ස්ථාවර කමිටුව
  11. මුදල් පිළිබඳ පිළිබඳ ස්ථාවර කමිටුව

පොදු සංඛ්‍යා ලේඛන දත්ත

පළාත බස්නාහිර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කඩුවෙල
ඡන්ද කොට්ඨාශ කඩුවෙල
සභිකයින් ගණන 48
සේවක සංඛ්‍යාව 714
වර්ග ප්‍රමාණය ව.කි.මී. 87.71
VAT ලියාපදිංචි අංකය 409056814 – 7000
ග්‍රාමසේවා වසම 57
පදිංචි පවුල් සංඛ්‍යාව 56,997
ජනගහනය 260,341 (2016 වර්ෂය අවසානයට)
ඡන්ද දායකයින් 184,026 (2017 වර්ෂයේ ජන්ද හිමි නාමලේඛනයට අනුව)
වරිපනම් ප්‍රතිශතය – ගෘහස්ථ 9%
වරිපනම් ප්‍රතිශත – වාණිජ 9%
රජයේ පාසැල් ගණන 34
රජයේ රෝහල් ගණන 03
නගර සභා ආයුර්වේද බෙහෙත් ශාලා 03
සිනමා ශාලා 03
සභාව සතු පොදු වෙළෙඳ පොළ 05
සතිපොළ (ආයතන සතු 02)
මස් කඩ සංඛ්‍යාව 06
මහජන ක්‍රීඩාංගන 09
පුස්තකාල 03
කියවීම් ශාලා 02
ප්‍රජා ශාලා 40
ශ්‍රවණාගාර 03
සුසාන භූමි 23
ආදාහනාගාර 08
ක්‍රීඩාගාර 04
කාය වර්ධන මධ්‍යස්ථාන 05
ළමා උද්‍යාන 11
දිවා සුරැකුම් මධ්‍යස්ථාන 01
තක්සේරු දේපළ සංඛ්‍යාව
කඩුවෙල බත්තරමුල්ල අතුරුගිරිය
වාණිජ දේපළ 3,556 2,828 2,410
නේවාසික දේපළ 34,597 25,376 42,979
අධ්‍යාපනික දේපළ 70 19 8
ආගමික දේපළ 174 12 52
රාජ්‍ය දේපළ 36 305 6
කුඹුරු 58 722 315
වෙනත් 81 9,052 50
මුළු දේපළ සංඛ්‍යාව 37,820 38,314 44,673