අනතුරුදායක ගස් ඉවත් කිරීම

  • අනතුරුදායක ගස් අයදුම්පත්‍රය නිකුත් කිරීම. (ගාස්තු අයකර)
  • අනතුරුදායක ගස පැමිණිලිකරුගේම ඉඩමේ පවතී නම් පුද්ගලිකව ගස කපාදැමීමට කටයුතු කළයුතු බව දැන්වීම හා කපාහෙලීමට විශේෂයෙන් අවසර ගත යුතු ගස් සම්බන්ධව (කොස්, දෙල්, තල්) ග්‍රාමසේවක මඟින් ප්‍රාදේශීය ලේකම් අනුමැතිය සහිතව ගස කපාගැනීම සඳහා යොමුකිරීම.
  • ප්‍රාදේශීය ලේකම් අනුමැතිය ලැබී ඇති / නැති අනතුරුදායක ගස් සඳහා ස්ථාන පරීක්ෂණ සිදුකිරීම සඳහා ප්‍රදේශය භාර තාක්ෂණ නිලධාරී වෙත යොමුකිරීම.
  • තාක්ෂණ නිලධාරී විසින් ස්ථාන පරික්ෂා කොට ලබාදුන් වාර්තාව දිස්ත්‍රික් නිලධාරී මඟින් නාගරික ඉංජිනේරු වෙත යොමුකිරීම.
  • පළමු නිවේදනය නිකුත් කර දින 14 පසුත් ගස ඉවත්කිරීමට පියවර නොගත්තේ නම් දෙවන නිවේදනය යැවිම.
  • පළමු හා දෙවන නිවේදනවලට කිසිඳු ප්‍රතිචාරයක් නොමැති නම් අවසාන නිවේදනය නිකුත් කිරීම. (දින 07)
  • අවසාන නිවේදනය නිකුත් කිරීම. දින 07 පසුත් ගස ඉවත්කර නොමැති නම් සභාව මඟින් ගස කපා ඉවත්කිරීම සඳහා නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම.
  • වර්තමාන තත්ත්වය පැහැදිලි කර ගැනීමට තාක්ෂණ නිලධාරී වාර්තාවක් ලබාගැනීම.
  • ප්‍රාදේශීය ගස්කැපුම්කරුවන් වෙතින් මිලගණන් කැඳවීම.
  • ගස්කැපුම්කරුවෙකු තෝරා ගස කැපීමට වැයවන මුදල සඳහන් කර එම මුදල් අයකිරීමටඅධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද දන්වා ගස ඉවත්කරන දිනය ගස හිමිකරුට ලිඛිතව දැනුම්දීම.
  • පොලීසියේ සහාය ඇතිව ගස කපා ඉවත් කිරීමට කටයුතු කිරීම.

ඉල්ලුම්පත්‍රය භාගත කරන්න

ඉල්ලුම්පත්‍රය සම්පූර්ණ කර ඹබට අදාල දිස්ත්‍රික් කාර්යාලයට භාරදීමේ දි අයදුම්පත් ගාස්තු අයකර ගැනිම සිදුවේ.