කඩුවෙල ගැන
භෞතික පසුතලය
කඩුවෙල පුරවරයේ පිහිටීම
කඩුවෙල මහා නගර සභා බල ප්‍රදේශය බස්නාහිර පළාතේ කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට අයත් වේ. මෙම බල ප්‍රදේශය පහත සදහන් පරිදි මායිම් වේ.
උතුරට | කැලණි ගඟ |
නැගෙනහිරට | නාකඩමුල්ල ඇළ/ දිගල දෙනිය පිට ඇළ |
දකුණට | පුවක්ගහදෙනිය යාය/ මැදිඇල/ බන්ඩාරදෙනිය |
බටහිරට | ශ්රී ලංකා ජපන් මිත්‍රත්ව මාර්ගය/ දියවන්නා ඔය/ දියවන්නා වගුර |
විශාලත්වය අතින් සලකන විට මහා නගර සභා අතරින් ලංකාවේ පළමු තැන හිමිවන අතර ජලාශද ඇතුලත්ව මුඑ බිම් ප්‍රමාණය ව.කි.මි. 91.76 කි. මෙම භුමි ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් 13.4% කි. 2022 වර්ෂය අවසන් වනවිට මෙම ප්‍රදේශයේ මුළු ජනගහණය 281,282 ක් ලෙස වාර්තා වී ඇත.