මත්ද්‍රව්‍ය නිවාරනය පිළිබද වැඩසටහන – 2019.07.10

ගරු නගරාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල මහා නගර සභාව විසින් අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේ 12 ශ්‍රේණියේ සිසු සිසුවියන් 250 ක් සදහා 2019.07.10 වන දින මත්ද්‍රව්‍ය නිවාරනය පිළිබද වැඩසටහනක් පවත් වන ලදි. ඵම වැඩසටහනේ දේශනය ඉදිරිපත් කරන ලද්දේ මත්ද්‍රව්‍ය නිවාරණ අධිකාරියේ මත්ද්‍රව්‍ය අධ්‍යාපන නිලධාරිනියක් වන මහේෂි මධුවන්ති මහත්මිය විසිනි. ඵදින තුලදි ගරු නගරාධිපතිතුමන්ගේ සුරතින් පැළ රොපණයක්ද සිදු කරන ලදි.

මෙම වැඩසටහනේ මුලික පරමාර්ථය වුයේ, මත්ද්‍රව්‍ය පිළිබදව පාසල් දරුවන් දැනුවත් කිරිම සහ දැරුවන් ඒ සදහා යොමුවිම වැළක්විම.