පුහුණු වැඩසටහන – 2019.07.20

කඩුවෙල බල ප්‍රදේශයේ ඩෙංගු උවදුර පාලනය කිරීම හා පාරිසරික ගැටළු අවම කරගැනීම සඳහා ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය හා කොම්පෝස්ට් නිෂ්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. මෙම ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය සඳහා බඳවා ගන්නා ලද සේවකයින් ගණන 54 වේ. කොම්පෝස්ට් නිෂ්පාදනය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා බඳවා ගන්නා ලද සේවකයින් ගණන 44 වේ. අනියම් පදනම මත බඳවා ගන්නා ලද සේවක මහත්ම මහත්මින් සදහා පුහුණු වැඩසටහනක් 20.07.2019 දින කඩුවෙල මහා නගර සභා ප්‍රධාන ශාලාවේදි පැවැත්විය.