පශු වෛද්‍ය අංශයේ සේවා
- ජලභීතිකා රෝගය අවම කිරීම.
- ජලභීතිකා එන්නත් කිරීම.
- දැනුවත්කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
- වඳ සැත්කම් කිරීම.
- සුනඛයින් ලියාපදිංචි කිරීම.
දැනුම්දිය යුතු පුද්ගලයා – නාගරික පශු වෛද්‍ය නිලධාරී
සිදුකරන කාලසීමාව – වසර පුරාවට
අයකරන ගාස්තුව – නොමිලේ
අවශ්‍ය දේ – සුනඛයාගේ හෝ පූසාගේ එන්නත් වාර්තා පොත
වෙනත්- ජලභීතිකා රෝගය සඳහා එන්නත් කරන ලද සුනඛයින් අදාළ ලිත් වර්ෂය සඳහා කඩුවෙල මහා නගර සභාවේ ලියාපදිංචි කළයුතුය. අදාළ දිනට ලියාපදිංචිය අලුත් කළයුතුය.
- වීථිවල කරන කරදර, අයාලේ යන ගවයින්ගෙන් වීථිවල කෙරරෙන කරදර අවම කිරීම.
දැනුම්දිය යුතු පුද්ගලයා – නාගරික පශු වෛද්‍ය නිලධාරී
සිදුකරන කාලසීමාව – වසර පුරා අවශ්‍ය අවස්ථාවල
අයකරන ගාස්තුව – නොමිලේ
- ප්‍රමිතියට අනුව ගව/ ඌරු ගොවිපල පවත්වාගෙන යාම
- ගොවිපල සඳහා අදාළ ලිත් වර්ෂය සඳහා ආදායම් බලපත්‍රය නිකුත් කිරීම.
ස්ථානය – පශු වෛද්‍ය අංශය
දැනුම්දිය යුතු පුද්ගලයා – නාගරික පශු වෛද්‍ය නිලධාරී
සිදුකරන කාලසීමාව – වසර පුරාවට
අවශ්‍ය දේ – ඉල්ලුම් පත්‍රය, ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාලයේ ලියාපදිංචි සහතිකය.
- කිරි නිෂ්පාදනාගාර, කිරි ආහාර නිෂ්පාදනාගාර ප්‍රමිතියකට පවත්වාගෙන යාම.
- ආදායම් බලපත්‍රය නිකුත් කිරීම.
ස්ථානය – පශු වෛද්‍ය අංශය
දැනුම්දිය යුතු පුද්ගලයා – නාගරික පශු වෛද්‍ය නිලධාරී
සිදුකරන කාලසීමාව – වසර පුරාවට
අවශ්‍ය – ඉල්ලුම් පත්‍රය, කිරි නිෂ්පාදනාගාරයේ විස්තර.
- ප්‍රමිතියට අනුව මස් වෙළඳසැල් පවත්වාගෙන යාම.
- ආදායම් බලපත්‍රය ලබාගැනීම.
ස්ථානය – පශු වෛද්‍ය අංශය
දැනුම්දිය යුතු පුද්ගලයා – නාගරික පශු වෛද්‍ය නිලධාරී
සිදුකරන කාලසීමාව – වසර පුරාවට
අවශ්‍ය දේ – ඉල්ලුම් පත්‍රය, අදාළ ලිත් වර්ෂය සඳහා නිකුත් කරන අතර වසර අවසානයේ අලුත්කළ යුතුය.
වෙනත්- ආදායම් බලපත්‍රය නොමැති මස් වෙළඳසැල් සඳහා නීති මඟින් කටයුතු කළ හැකිය.