අපද්‍රව්‍ය කළමනාකරණය

  • කසල රැස්කිරීම (දිස්ත්‍රික් කාර්යාල තුන මගින් අදාළ කසළ රැස්කිරීමේ දෛනික සටහනකට අනුව මෙම ක්‍රියාවලිය සිදුවේ.)
  • වීථි ඇමදීම.

ව.කි.මී. 87.71 කින් යුත් කඩුවෙල මහා නගර සභා බල ප්‍රදේශය කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි සීඝ්‍ර ලෙස නාගරීකරණය වෙමින් පවතින ප්‍රදේශයකි. ඊට සමගාමීව මෙම ප්‍රදේශයේ ජනහණය සීඝ්‍ර ලෙස වර්ධනය වී ඇත. මෙලෙස වැඩිවන ජනහණය අනුව අවශ්‍ය නිවාස ප්‍රමාණයද වැඩිවන අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් නගරය තුළ එක් රොක් වීම ද සිදුවේ. මෙයට විසඳුමක් වශයෙන් කසළ කළමනාකරණ ව්‍යාපෘතියක් කඩුවෙල මහා නගර සභාව මගින් ආරම්භ කරන ලදී. දිනකට මහා නගර සභාව මගින් අපද්‍රව්‍ය ටොන් 50 – 60 අතර ප්‍රමාණයක් එක් රැස් කිරීමේ කාර්යය සිදු කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය මගින් කසළ පෙරලන ක්‍රමය භාවිතා කරමින් පොහොර නිපදවීම සිදුකරනු ලබයි. දිනකට කසළ ටොන් 10 ක් පමණ පොහොර නිපදවීම සඳහා යොදා ගනී.

බල ප්‍රදේශය තුළ ගෘහස්ථ කොම්පෝස්ට්කරණයට අදාළ ක්‍රියාවලියද ඉතා ක්‍රමවත් හා විධිමත් ආකාරයට සිදුවේ. මෙම වැඩපිළිවෙල වඩාත් ප්‍රචලිත කිරීම සඳහා ද විවිධ  ක්‍රියාමාර්ග මහා නගර සභාව මගින් ගෙන ඇත.

එනම්

  • වසරකට ගෘහස්ථ කොම්පෝස්ට් නිපදවීමට අවශ්‍ය බදුන් 200ක් ලබාදීම.
  • කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයෙහි වැදගත්කම සහ අවශ්‍යතාවය ජනතාවට පැහැදිලි කරදීම.
  • ගෘහස්ථ පොහොර නිපදවීමට අවශ්‍ය දැනුම බල ප්‍රදේශයේ ජනතාව වෙත ලබාදීම.
  • ගෘහාශ්‍රිත නොදිරන ද්‍රව්‍ය එක්රැස් කර ලබා ගැනීම.
  • අපද්‍රව්‍ය වෙන්කිරීමේ ක්‍රමයට යොමුකිරීම සඳහා ග්‍රීන් බකට් ව්‍යාපෘතිය හා පොලිසැක් මළු නොමිලේ ලබාදීම.
  • මෙම ක්‍රමවේදය පිළිබඳ වැඩිදුරටත් ජනතාව දැනුවත් කිරීම හා නිවෙස්වලට ගොස් පසු විපරම්කිරීම.