අතුරුගිරිය දිස්ත්‍රික් කාර්යාල බල ප්‍රදේශයේ ජංගම සේවා වැඩසටහන් දෙකක් පැවැත්වීමට සියළුම කටයුතු සංවිධානය කර ඇත.

කඩුවෙල මහා නගර සභාවේ අතුරුගිරිය දිස්ත්‍රික් කාර්යාලය මගින් අගෝස්තු මස 10 වන සෙනසුරාදා දින හොරහේන ප්‍රජා ශාලාවේදී සහ අගෝස්තු මස 24 වන සෙනසුරාදා දින මල්වත්ත පාර සේවා පියසේදී, ගරු නගරාධිපති බුද්ධික තුෂාර ජයවිලාල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු නාගරික මන්ත්‍රි මනෝජ් බෙත්මගේ මැතිතුමාගේ පුර්ණ දායකත්වයෙන් හා සංවිධානයෙන් ජංගම සේවා වැඩසටහන් පැවැත්වීමට සියලු කටයුතු සලසා ඇත.

එදිනට වරිපනම්, සැලසුම්, ආයුර්වේද, පුස්තකාල, පෙරමුසු, වීථී පහන් නඩත්තුව, කසල එකතු කිරීම යන සේවාවන් සැලසීමට අපේක්ෂා කර ඇත.