ගරු නගරාධිපති බුද්ධික ජයවිලාල් මැතිතුමාගේ ජන්ම දිනයට සමගාමිව 2019.03.21 දින ජනතාවාදී සේවා කිහිපයක් සිදුකරන ලදි

කඩුවෙල මහා නගර සභාවේ ගරු නගරාධිපති බුද්ධික ජයවිලාල් මැතිතුමාගේ ජන්ම දිනයට සමගාමිව 2019.03.21 දින ජනතාවාදී සේවා කිහිපයක් සිදුකරන ලදි.

පළාත්  පාලන ඉතිහාසයේ ප්‍රථම වරට කසළ ලබා ගැනීම කාර්යක්ෂම කිරිම සදහා කසළ කළමනාකරණ මෘදුකාංග යෙදවුමක් (Clean up – Mobile App) හදුන්වා දිම කඩුවෙල මහා නගර සභාව විසින් සිදු කරන ලදි.  එමෙන්ම කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ නව පරිගණක ගත පාලම් තරාදිය හා ආරක්ෂිත කැමරා පද්ධතිය විවෘත කිරිම හා  බත්තරමුල්ල මහජන පුස්ථකාලයේ නව කියවීමේ ශාලාව විවෘත කර ජනතා අයිතියට පත් කරන ලදි.