කඩුවෙල මහා නගර සභාව 2019 ජනවාරි 01

අලුත් අවුරුද්ද – අලුත් විදිහකට … අලුතින් පටන්ගන්නට

2019 වසර සදහා රාජකාරි කටයුතු ඇරඹීමට සමගාමීව ප්‍රජා සේවාවන් රැසක් සිදුකරන ලදි.

  1. ගරු නගරාධිපතිතුමන්ගේ නිල වාහනය ලබා නොගෙන ඉතිරිකළ මුදලින් ලබාගත් ටේලර් සහිත ට්‍රැක්ටර් රථ 06 ක් සේවයේ යෙදවීම.
  1. වෙන්දේසි කිරීමට නියමිත ට්‍රැක්ටර් රථ 05 ක් අවම පිරිවැයකින් පූර්ණ අලුත්වැඩියාවකින් පසු සේවයේ යෙදවීම.
  1. කසල එකතු කිරීමේ ක්‍රියාවළිය කාර්යක්ෂම කිරීමට තාක්ෂණික මෙවලම් භාවිතය ආරම්භ කිරීම. (CLEAN ME APP හඳුන්වාදීම)
  1. අක්‍රීයව පැවති කඩුවෙල මහා නගර සභා වෙබ් අඩවිය යලි සක්‍රීය කිරීම.
  1. අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් දරුවන්ට නොමිලේ පාවහන් කට්ටල ලබාදීම.
  1. 2009 කොළඹ දිස්ත්‍රික් රාජ්‍ය සේවා ක්‍රීඩා උළෙලේ නෙට්බෝල් තරගාවලිය ජයගත් කඩුවෙල මහා නගර සභා කණ්ඩායම ඇගයීම හා ත්‍යාග ප්‍රදානය
  1. අලුතින් මිලදී ගත් ආසන 54 කින් යුත් බස්රථය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එක්දින චාරිකාවකට ලබාදීම.
  1. නවීකරණය කරන ලද කාර්යාලීය ලේඛනාගාරය සේවක අයිතියට පත්කිරීම.
  1. ගංවතුරෙන් අවතැන්වූවන් සඳහා වන රැඳවුම් මධ්‍යස්ථාන වෙත ආහාර පිසගැනීමේ උපකරණ අදාළ ප්‍රජා මණ්ඩල වෙත ලබාදීම.
  1. නොනිමි නිවාස ආධාර ලාභීන්ට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම.
  1. දෙමවුපියන් අහිමි වූ පාසල් දරුවන්ට මාසික ශිෂ්‍යයත්ව ප්‍රදානය.