About Us
Introduction
උදාන වාක්‍යය
“දේශයේ ප්‍රතාපවත් පුරවරය”
Vision
“A Good Community Life to All Citizens”
Mission
“Creating health and comforts and a happy and content living condition and ensuring urban development for a wise and intelligent future generation through development of environmental and physical resources through human resources and rate payers’ money.”
අභිමතාර්ථ
- මහා නගර සභා කාර්ය මණ්ඩලය විනය ගරුක, කැපවීමෙන් හා ප්‍රබෝධයෙන් යුතුව ක්‍රියා කිරීමට අභිප්‍රේරණය කිරීම.
- ස්ථාවර කමිටු රැස්වීම් හා මහා සභා රැස්වීම් පවත්නා නීතිවලට අනුකූලව මහජන නියෝජිතයන්ගේ පූර්ණ සහභාගිත්වයක් සහිතව පවත්වා ගෙන යාම.
- සභාවේ මූල්‍ය විනය මනා පාලනයකින් යුතුව ස්ථාවරව පවත්වාගෙන යාම.
- ජනතාවට සපයන සේවා සම්පාදනය ප්‍රමාණවත්ව පවත්වාගෙන යාමට හැකිවන පරිදි ඔවුනට බරක් නොවන ආකාරයේ බදු පැනවීම.
- ආදායම් රැස්කිරීම ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම.
- නාගරික සේවා සම්පාදනය ඉලක්ක කර ගත් මූල්‍ය ප්‍රතිපාදනය කිරීම.
- නාගරික ජනතාවගේ නීරෝගීමත්කම හා සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කිරීම.
- නාගරික බල ප්‍රදේශය ඩෙංගු වැනි බෝවෙන රෝගවලින් තොර කලාපයක් කිරීම.
- නාගරික බල ප්‍රදේශයේ පරිසරය සමතුලිත මට්ටමකට ගෙන ඒම.
- පොදු මංමාවත් සහ පොදු ස්ථාන කසළවලින් තොරව පවත්වාගෙන යාම.
- නාගරික සුසාන භූමි අලංකාර සුසාන උද්‍යාන බවට පත්කිරීම.
- නාගරික ළමා පරපුර නීරෝගී හා සෞඛ්‍ය සම්පන්න කිරීම.
- මහා නගර සභාව සතු මංමාවත්වලින් සියයට හැත්තෑපහකට වැඩියෙන් බාධාවලින් තොරව ගමනා ගමනයට සැකසීම.
- රාත්‍රී කාලයේ ගමන් ගන්නා නාගරික ජනතාවට අඩු වියදමින් සපයනු ලබන වීථී ආලෝකකරණ පද්ධතියක් ඇති කිරීම.
- බල ප්‍රදේශයේ ඇතිවන ස්වාභාවික ආපදා අවස්ථා අවම කිරීම.
- රැකියා වියුක්තිකයන් සඳහා ස්වයං රැකියා අවස්ථා ඇති කිරීම.
- නාගරික බල ප්‍රදේශයේ ඇති විය හැකි ගිනි අනතුරු අවම කිරීම.
- නාගරික බල ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ප්‍රමාණය අවම කිරීම.
- මහා නගර සභාවේ සංවර්ධන කාර්යයන් සඳහා ප්‍රජාවගේ සක්‍රිය දායකත්වය ලබා ගැනීම.
- නාගරික ජනතාවගේ ශරීර සුවතාව සහ ක්‍රීඩා කුසලතාව වර්ධනය කිරීම ඉලක්ක කර ගත් ක්‍රීඩාගාර සහ ක්‍රීඩා භූමි ඇති කිරීම.
- නාගරික මහජන පුස්තකාල, ජනතාවගේ අධ්‍යාපනික දැනුම, බුද්ධිය හා කුසලතා වර්ධනය කරන දැනුම් මධ්‍යස්ථාන (knowledge centers) බවට පත් කිරීම.
- කඩුවෙල නාගරික ජනතාවට පහසුවෙන් නවීන ලෝකය හා සම්බන්ධවීමට ප්‍රමාණවත් තොරතුරු මධ්‍යස්ථාන ඇති කිරීම.
- නාගරික ජනතාවගේ සමගිය හා සහජීවනය වර්ධනය කිරීම සඳහා ප්‍රජා මණ්ඩල ඇති කිරීම.
- ව්‍යපාරික ප්‍රජාවගේ අභිවෘද්ධිය උදෙසා මහා නගර සභාවේ මෙහෙයවීමෙන් ව්‍යාපාරික සම්මේලන ඇති කිරීම.
- නාගරික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගෞරවාන්විත සැලකීමට ලක් කෙරෙන ව්‍යාපෘති ඇති කිරීම.
- නාගරික තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය ඉහළ නැංවීම අරමුණු කරගත් ක්‍රීඩා සංගම් ඇති කිරීම.
ස්ථාවර කමිටු
- ආයතන කටයුතු නීතිය, පරිපාලනය හා සභා කටයුතු පිළිබඳ ස්ථාවර කමිටුව
- මහජන උපයෝගීතා, සමාජ සවිබල ගැන්වීම් සහ ප්‍රජා සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටුව
- සමාජ සුබ සාධනය සහ දිළිඳු බව තුරන් කිරීම පිළිබඳ ස්ථාවර කමිටුව
- නාගරික අපදුව්‍ය කළමනාකරණය, කෘෂි කර්මාන්ත හා පශු සම්පත් පිළිබඳ ස්ථාවර කමිටුව
- පරිසර සංරක්ෂණය හා සෞඛ්‍ය පිළිබඳ ස්ථාවර කමිටුව
- තිරසාර නගර සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටුව
- ඵලදායිතාවය ඇතිකිරීම හා භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳ ස්ථාවර කමිටුව
- උපාය මාර්ගික සැලසුම් හා ක්‍රම සම්පාදනය පිළිබඳ ස්ථාවර කමිටුව
- ඉදිකිරීම් හා කර්මාන්ත කටයුතු පිළිබඳ ස්ථාවර කමිටුව
- ආදායම් උත්පාදන පිළිබඳ පිළිබඳ ස්ථාවර කමිටුව
- මුදල් පිළිබඳ පිළිබඳ ස්ථාවර කමිටුව
පොදු සංඛ්‍යා ලේඛන දත්ත
පළාත | බස්නාහිර |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | කඩුවෙල |
ඡන්ද කොට්ඨාශ | කඩුවෙල |
සභිකයින් ගණන | 48 |
සේවක සංඛ්‍යාව | 605 |
වර්ග ප්‍රමාණය | ව.කි.මී. 87.71 |
VAT ලියාපදිංචි අංකය | 409056814 – 7000 |
ග්‍රාමසේවා වසම | 57 |
පදිංචි පවුල් සංඛ්‍යාව | 75,985 |
ජනගහනය | 281,282 (2022 වර්ෂය අවසානයට) |
ඡන්ද දායකයින් | 205,771 (2022 වර්ෂයේ ජන්ද හිමි නාමලේඛනයට අනුව) |
වරිපනම් ප්‍රතිශතය – ගෘහස්ථ | 9% |
වරිපනම් ප්‍රතිශත – වාණිජ | 9% |
රජයේ පාසැල් ගණන | 32 |
රජයේ රෝහල් ගණන | 03 |
නගර සභා ආයුර්වේද බෙහෙත් ශාලා | 03 |
සිනමා ශාලා | 03 |
සභාව සතු පොදු වෙළෙඳ පොළ | 05 |
සතිපොළ | 03 (ආයතන සතු 02) |
මස් කඩ සංඛ්‍යාව | 06 |
මහජන ක්‍රීඩාංගන | 09 |
පුස්තකාල | 04 |
කියවීම් ශාලා | 02 |
ප්‍රජා ශාලා | 40 |
ශ්‍රවණාගාර | 02 |
සුසාන භූමි | 23 |
ආදාහනාගාර | 08 |
ක්‍රීඩාගාර | 04 |
කාය වර්ධන මධ්‍යස්ථාන | 05 |
ළමා උද්‍යාන | 11 |
දිවා සුරැකුම් මධ්‍යස්ථාන | 01 |
තක්සේරු දේපළ සංඛ්‍යාව
කඩුවෙල | බත්තරමුල්ල | අතුරුගිරිය | |
වාණිජ දේපළ | 3,556 | 2,828 | 2,410 |
නේවාසික දේපළ | 34,597 | 25,376 | 42,979 |
අධ්‍යාපනික දේපළ | 70 | 19 | 8 |
ආගමික දේපළ | 174 | 12 | 52 |
රාජ්‍ය දේපළ | 36 | 305 | 6 |
කුඹුරු | 58 | 722 | 315 |
වෙනත් | 81 | 9,052 | 50 |
මුළු දේපළ සංඛ්‍යාව | 37,820 | 38,314 | 44,673 |