නව වියමන – 2020.08.18

කඩුවෙල මහා නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට පහසුකම් සැපයීම සම්බන්ධ රැස්වීම

වර්ග කිලෝමීටර 87.71 ක් පුරා විහිදුන කඩුවෙල මහා නගර සභා බල ප්‍රදේශය බත්තරමුල්ල, අතුරුගිරිය, කඩුවෙල, මාලඹේ යන කාර්යබහුල නගරයන් කේන්ද්‍ර කර ගත් ජනාකීර්ණ ප්‍රදේශයකි. සීඝ්‍රයෙන් දියුණුවන හා ජනාකීර්ණ වන මෙම බල ප්‍රදේශය බත්තරමුල්ල නගරය කේන්ද්‍ර කරගත්  ප්‍රධාන පරිපාලන අග නගරය බවට පත් වෙමින්  ත්‍රිවිධ හමුදා මුලස්ථානය, බස්නාහිර පළාත් සභාව ඇතුළු රාජ්‍ය ආයතන රාශියක් ස්ථාපිත වී ඇත. එසේම  විශාල නිවාස සංකීර්ණ ඉදි වීම හේතුවෙන් බල ප්‍රදේශය තුලට පදිංචිය සඳහා හා රාජ්‍ය ආයතනවල ප්‍රධාන කාර්යාල ස්ථාපිත වීම තුල සේවා ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සංක්‍රමණය වන ජනතාව දිනෙන් දින වැඩිවෙමින් පවති.

මෙම තත්වය යටතේ කඩුවෙල මහා නගර සභා බල ප්‍රදේශය තුල පවතින පහසුකම් වඩාත් ප්‍රායෝගිකව හා සැලසුම් සහගතව ක්‍රියාත්මක කිරීමට. මහජන මැසිවිලි අඩු කරමින් වඩාත් ඵලදියී සේවාවක් සැපයීම අරමුණු කර ගනිමින් ඉදිරි සැලැසුම් සහ පහසුකම් සපයන අනෙකුත් රාජ්‍ය ආයතන අතර සුහදතාවය ඇතිකර ගනිමින් ආයතනයන්ගේ සැලසුම් සමඟ සහයෝගයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට හැකි වන ඉදිරි සැලැස්මක් සකස් කිරීම සඳහා යෝජනා සහ සහයෝගය අපේක්ෂා කරමින්.

විශේෂ සාකච්ඡාවක් කඩුවෙල මහා නගර සභාවේ ගරු නගරාධිපති බුද්ධික ජයවිලාල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018.08.18 දින පෙ.ව. 10.00ට කඩුවෙල මහා නගර සභා ප්‍රධාන කාර්යාලයේ රොබට් ගුණවර්ධන ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මේ අවස්ථාව සඳහා සහභාගිවු ආයතන වනුයේ,

බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය, Lanka Electricity Company (Pvt)Ltd, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් පුද්ගලික සමාගම, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව (බ. ප.), ජනාධිපති කාර්යාලීය විශේෂ පැවරුම් හා පාරිසරික අධ්‍යක්ෂ කාර්යාලය, පොලිස් ස්ථානය නවගමුව, පොලිස් ස්ථානය තලංගම, පොලිස් ස්ථානය අතුරුගිරිය, පොලිස් ස්ථානය මුල්ලේරියාව, පොලිස් ස්ථානය වැලිකඩ, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය.