කඩුවෙල මහා නගර සභාවේ අතුරුගිරිය මහජන පුස්තකාලය ස්වයංක්‍රීයකරණය – 2020.02.25

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පූර්ණ දායකත්වය මත, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ තාක්ෂණික උපදේශකත්වය යටතේ ක්‍රියාත්මක වන මහජන පුස්තකාල ස්වයංක්‍රීයකරණ ව්‍යාපෘතියට අදාල, කඩුවෙල මහා නගර සභාවේ අතුරුගිරිය මහජන පුස්තකාලය ස්වයංක්‍රීයකරණය කිරීමේ සමාරම්භක උත්සවය, 2020 පෙබරවාරි 25 වන දින අති උත්කර්ෂවත් අන්දමින් අතුරුගිරිය මහජන පුස්තකාලයේදී පවත්වන ලදී.

ඩිජිටල් සාමාජික කාඩ්පත නිකුත් කිරීම හා පොත් බැහැරදීමේ සංසරණ ක්‍රියාවලිය කොහා පුස්තකාල මෘදුකාංගය (Koha Library Software) තුළින් ක්‍රියාත්මක කිරීම සිදුවිය.

මෙම උත්සව අවස්ථාව සඳහා ගරු නගරාධිපතිතුමා ප්‍රමුඛ නාගරික මන්ත්‍රී මණ්ඩලය, පළාත් පාලන හා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රානි සමරකෝන් මැතිණිය, බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් කසුන් ඈපා සෙනෙවිරත්න මැතිතුමා, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපතිතුමා, ව්‍යාපෘතියේ ප්‍රධාන තාක්ෂණික උපදේශක හර්ෂ බාලසූරිය මැතිතුමා, පළාත් පාලන සහකාර කොමසාරිස් (ප්‍රජා සංවර්ධන) මල්කාන්ති විජේවර්ධන මැතිණිය, කඩුවෙල මහා නගර සභාවේ නාගරිස් කොමසාරිස් සංජීව බන්දුකීර්ති මැතිතුමා ඇතුළු නිලධාරී මණ්ඩලය සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී විය. කඩුවෙල මහා නගර සභාවේ ප්‍රධාන පුස්තකාලයාධිපති සෙව්වන්දි ජයසිංහ මහත්මිය ප්‍රමුඛ පුස්තකාල කාර්ය මණ්ඩලයේ මනා කැපවීම හා උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අතුරුගිරිය මහජන පුස්තකාලය අද දින ස්වයංක්‍රීයකරණ කටයුතු ආරම්භ කරන ලදී.