පළමු පාසල මව් කුසයි – 2019.10.11

“පළමු පාසල මව් කුසයි” තේමාව යටතේ කඩුවෙල මහ නගර සභාව සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද ගර්භනී මව්වරුන් වෙනුවෙන් උපදේශනාත්මක හා රසවින්දනාත්මක වැඩසටහනක් කඩුවෙල පොල භුමියේ පැවැත් විය. මෙහි දී පවුලේ හතර වෙනි දරුවා සදහා රුපියල් ලක්ෂයක මුදල් පරිත්‍යාගයක් ලබා දීම සිදුකරන ලදි. මෙම සුවිශේෂී අවස්ථාවට මග පෙන්වූ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුළ මහත්මියට විශේෂ ස්තූතිය.