ගෙවතු වගාකරුවන් දැනුවත් කිරිමේ වැඩ සටහන – 2019.08.07

ගරු නගරාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල බල ප්‍රදේශයේ ගෙවතු වගා කරුවන් දැනුවත් කිරිමේ වැඩසටහනක් 2019.08.07 වන දින කඩුවෙල මහ නගර සභාවේ රොබට් ගුනවර්ධන අනුස්මරණ ශාලාවේදී පෙ.ව 9.30 පවත් වන ලදි. කඩුවෙල බල ප්‍රදේශයේ වසම් 57 ක ප්‍රදේශවාසින් 300 ක් මෙම වැඩසටහන සදහා සහභාගි වු අතර ඔවුන් සදහා ගෙවතු වගාව සදහා බීජ ඇට වර්ග ලබා දීම සිදු කරන ලදි. ඉදිරියේදි කෘෂි උපකරණ ලබාදිමට කටයුතු සිදුකරණු ලැබේ.

මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය කාබනික කෘෂිකර්ම ව්‍යාපෘතියේ සභාපති තිලක් කාරියවසම් මැතිතුමා විසින් සිදු කරන ලදි. මෙම වැඩසටනේ ප්‍රධාන අරමුණ වුයේ ගෙවතු වගාව ප්‍රචලිත කිරිමය මේ සදහා ගෙවතු වගා තරගයක්ද ඉදිරියේදි පැවැත්විමට නියමිතය.